අද ඉන්ටනෙට් වල ලොකුම වංචාව ව්‍යාජ ඇන්ටි වයිරස්ය
ඉන්ටනෙට් හා සමිබන්ධ පරිගණකයකින් වැඩ කරමින් සිටින අතරතුර හදිසියේ පොප් අප් වින්ඩොවකින් අනතුරු ඇඟවීමක් කරයි
මෙය නියම මෘදුකාංගයක පෙනුම ගනී ඒ විතරක් නොව පිළිගත් සහ විශ්වාසනීය වෙළඳ නාමද යොදා ගනී
මෙම වින්ඩොව බිය ගෙන දෙන්නකි ’පරිගණකය වයිරස් වලට නතුව තිබේ ස්කෑන් කොට බලන්නද’ වැන් දෑ මෙහිදි අසයි
බිය වී ස්කෑන් කල හොත් වයිරස් ගණනාවක් පරිගණකයේ ඇති බව පෙන්වයි
ඒ සමග කියන්නේ මේ ගැටලු මතු නොවීමට ඇන්ටි වයිරස් මෘදුකාංගයක් ඉන්ස්ටොල් කරගන්නා ලෙසය
ඵය ඔන්ලයින් මුදල් ගෙවා ලබා ගත යුත්තකි මෙතැනදි කෙරෙන්නෙ ලොකු වංචාවකි
මුදල් ගෙවා ඩවුන්ලොඩ් කලද ඇත්තට සිදුවන දෙයක් නැත මෙයින් වංචාකාරින් මුදල් උපයා ගනී
පරිගණක ආරක්ෂෘව ගැන සමීක්ෂණ කරන සිමැන්ටෙක් ආයතනය කියන්නේ මෙම වැඩසටහන් වල ව්‍යාප්තිය ඉහල ගොස් ඇති බවය
මෙම වැඩසටහන් “ස්කෙයාවෙයා “(scare ware) ලෙස හදුන්වයි
wow
ReplyDelete