පරිගණක ආරක්ෂාවට බලපාන වැඩසටහන් සහ ක්‍රියාකාරකම්


  • ඇඩ්වෙයා ( Adware )

එක්වරක් පමනක් ස්ථාපිත වූ පසු නොයෙක් වෙලඳ ප්රචාරන වලට පරිගනක නිරාවරනය කරන වැඩසටහන් වර්ගයකි.

  • බ්ලැක් හැට් ( Black Hat )

මෙනමින් හඳුන්වන්නේ අපරාධයක් කිරීමේ අරමුනෙන් තමන්ගේ දක්ෂකම් පාවිච්චි කරන පරිගනක විනාශ කාරීන් හෙවත් හැකර් කරුවන්ය.

· බොට් නෙට් ( Bot Net )

අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදාගෙන එයට වෙනත් පරිගනක දහස් ගනන්ක් ඈඳාගෙන ඒවා එක් පුද්ගලයෙකුගේ අනසකට යටත් කරන ක්රමයක් තිබේ.මෙහිදී පරිගනක පාවිච්චි කරන්නාට කිසිවක් නොදැනේ.එහෙත් පරිගනකයේ ඇති තොරතුරු මෙ පරිගනක පද්ධතිය හසුරුවන්නා හෙවත් බොට්නෙට් එක හසුරුවන්නා අතට පත්වේ.මෙසේ එය හසුරුවන්නා 'බොට්නෙට් හාඩර් ' ලෙස හඳුනවයි.බොට්නෙට් එකක ඇති පරිගනකයක් බොට් කියා හඳුන්වයි.සොමිබී පරිගනක යනුද මෙවාය.

· කාඩර් (kader)

සොරාගත් ක්රෙඩිට් කාඩ් තොරතුරු විකුනණ හෝ එවා සොරගන්නා තැනැත්තා කාඩර් කෙනෙකි.

· ඩීඩොස් (DDOS)

‘Distributed Denial of service’ යන්නට කෙට් පදයකි.බොට්නෙට් එකක් යොදාගෙන එහිඇති පරිගනක සියල්ලෙන් තොරතුරු ඇද ඒවා තොගපිටින් වෙනත් සර්වර්යකට යවා එය අමාරුවේ දැමීමේ විනාශ කාරී ප්‍රහාරයකි.

· ඩ්රයිව් බයිස් (Drive Bys)

යම් වෙබ් අඩවියකට යන්නෙකුගේ පරිගනකයට ඉබේම ස්ථාපනය වන සේ සකසා ඇති විනාශකාරී වැඩසටහන් වර්ගයකි.

· මැල්වෙයා ( Malware)

සියලුම වර්ගයේ විනාශකාරී වැඩසටහන් හඳින්වීමට යොදා ගන්නා පදයකි.

· ෆිශින් ( phishin )

ව්යාජ මේල් එවා පුද්ගලයින්ගෙන් බැන්කු ගිනුම්වල තොරතුරු යනාදිය සොරාගැනීමේ කියාවලියකි.

· ස්ක්රිප්ට් කිඩී (script kiddie )

දක්ශ නැති හැකර් කරුවන් මෙනමින් හඳුන්වයි.මොවුන් ප්රවීන හැකර්කරුවන්ගේ වැඩසහන් ලබාගෙන අන්තර්ජාලය හරහා නැවත නැවත එවන්නන් වේ.

· ට්රොජන් (Trojan)

මතු පිටින් කිසි කරදරයක් නොමැති ලෙස පෙනුනත් සැබැවින්ම ක්රියාත්මක වීමේදී විනාශකාරීව හැසිරෙන වැඩසහන් විශේෂයකි.

· ස්පයි වෙයා (Spy wear)

පරිගනකයට ස්ථාපනය වූ පසු පෞද්ගලික රහස් තොරතුරු වෙනත් පරිගනකයකට යවන විනාශකාරී වැඩසටහනකි.මේවා ඇඩ්වෙයා වලට වඩා වෙනස් .

· වර්ම් (Warm)

වයිරසයක් ලෙස ඉබේම සන්ස්ලෙශනය වන විනාශ කාරී වැඩසටහනකි. නමුත් ඇතැම් ගතිගුන අතින් මේවා වයිරස් වලට වඩා වෙනස් වේ.

Comments

  1. කියක් මගේ පරිගණකයේ තියනවාද කියලා හොයලා බලන්න ඔනා... ඒත උඩුබුන්ටු හින්දා එච්චර අවුලකුත් නැහැ වගේ ...

    ReplyDelete
  2. @වැප්,
    Ubuntu තිබුණා කියල අවුලක් නැත්තෙ නෑ.
    ඔයාගෙ firewall එක වැඩ ද?

    sudo ufw status

    වැඩ නැත්තං enable it.

    sudo ufw enable

    ReplyDelete
  3. සාමන්‍යයෙන් ලිනක්ස් පද්ධතියකට හානිකරන්න අමාරුයි නෙද.. selinux enable නෙ default..
    අනිත් එක ගොඩක් microsoft ලට නෙ ලියන්නෙ ඔවා...

    ReplyDelete

Post a Comment