ඔප්ටිකල් ස්ටොරේජ් ( Optical Storage ) ගැන හැඳින්වීමක්


ලෙසර් හෙවත් ආලොක ධාරාවක් යොදාගෙන යම් කිසි තැනක දත්ත ගබඩා කිරීම Optical Storage ලෙස හඳුන්වනු ලබයි. එහිදී තොරතුරු කියවනු ලබන්නේද ආලොක ධාරාවක් යොදාගෙනය.

මෙලස තොරතුරු රැඳවීමේ ක්‍රමය 1960 දී ආරම්භ වූවකි. ඇමෙරිකාවේ කැලිෆෝනියාහි හෆ්ස් විශ්ව විද්‍යාගාරයේ ( Hughes Research Laboratory ) තියොඩර් මයිමාන් විසින් ලේසර් ධාරාව සොයා ගන්න ලදී.

ඉන් වසරකට පසු ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ ජේම්ස් රසල් පලමුවරට ඩිජිටල් ඔප්ටිකල් රෙකෝඩින් පද්ධතියක මුලාකෘතියක් (prototype) නිර්මානය කලේය.

ඉන් පහලොස් වසරකට පසු 1979 දී පිලිප්ස් සහ සොනි සමාගම් එකතුව අලුත් ඩිජිටල් ඕඩියෝ ඩිස්ක් (Digital Audio Disk) එකක් නිපදවීය. පසුව සිඩී හෙවත් (CD-Compact Disk ) සංයුක්ත තැටිය ලෙස හඳුන්වන්නට පුරුදුවූයේ එයයි.1982 පටන් එය සුලභ විය

1985 දී පිලිප්ස් සහ සොනි සමාගම එක්ව මෙහි තොරතුරුද රඳවන්නට පටන් ගත්තේය. එවකට අලුතෙන් පැමිනි පෞද්ගලික පරිගනක සඳහාය.සීඩී රොම් (CD Rom) කියා හඳුන්වන්නට පටන් ගත්තේ එසේ ගීත නොව තොරතුරු අඩංගු කල සංයුක්ත තැටිමය.

එතැන් පටන් විවිධ මාදිලියේ තැටි නිපද වූ අතර එවාට විවිධ නම් දී ඇත.



  • CD-R

CD-R ( Compact disk recordable ) යනු එක් වරක් පමනක් තොරතුරු සටහන් කල හැකි නමුත් බොහෝ වාරයක් ඒවා කියවිය හැකි සිඩී මාදිලියයි. මෙවා මුලින්ම හඳුන්වා දුන්නේ පිලිප්ස් සහ සොනි සමාගම් විසින් 1988 දීය.

  • CD-RW

CD-RW ( Compact Disk Re-Writable ) හඳුන්වන මෙම සිඩී තුල කීප වාරයක් කලින් තිබූ තොරතුරු මකා දමමින් මත නැවත නැවත තොරතුරු ලිවීමට පුලුවන. මේව 1997 දී වෙළඳපලට ආවේය.


  • DVD

DVD ( Digital Versatile Disk / Digital Video Disk ) සන්යුක්ත තැටියක් ලෙස බාහිරට පෙනුනත් මේ තුල සන්යුක්ත තැටියක මෙන් 6 ගුනයක තොරතුරු රඳවා තැබිය හැක. බොහෝ විට මෙම තැටි යොදා ගන්නේ වීඩියෝ සහ වැඩිපුර දත්ත රැස් කිරීමටය. 1995 දී මෙවා වෙලඳපලට ආවේය.

  • DVD + R

එක් වරක් පමනක් තොරතුරු ලිවිය හැකි ඩිවිඩි තැටිය.1997 දී වෙලඳපලට ආවේය.

  • DVD – R

මෙයද හැසිරීම අතින් ඉහත සඳහන් කල මාදිලිය වගේය. නමුත් මෙහි යොදාගත් රසායන් සන්යුතිය වෙනස්ය.එම නිසා මෙය කියවීමට වෙනමම ඩිවිඩි ඩ්රයිවි ඔනෑ විය. 1997 දී පයිනියර් සමාගම හඳුන්වා දෙන ලදී

  • DVD + RW / DVD – RW

කීප වාරයක්ම තොරතුරු ලිවිය හැකි මේවාද + සහ - ලෙස ෆොමැට් දෙකකින් වෙලඳපලට ආවේය.

  • DVD + RDL / DVD – RDL (Double Layer)

මෙම ඩිවිඩි වල දත්ත රැඳවේමේ ස්තර දෙකක් තිබුනි. එම නිසා තොරතුරු රැඳවීමේ ප්රමානය අනෙක් එවා මෙන් දෙගුනයකි.

  • DVD – RAM

මෙය විශේශ රයිටරයකින් තොරතුරු ලිවිය හැකි විශේෂයෙන්ම පරිගනක සහ කෑම්කොඩර් සඳහා භාවිත කල හැකි ඩිවිඩි ෆොමැට් එකකි.


  • HD - DVD (High Dencity )

මෙහි ඩේටා සහ ඉතා ඉහල විභේදනයක් ඇති විඩියෝ රැඳවිය හැකි ෆෝමැට් එකකින් යුක්තය. 15GB සහ 30 GB ලෙස මේ මාදිලි ඉදිරිපත් කර ඇත.







  • Blue Ray / BD

සොනි සමාගම විසින් හඳුන්වා දුන් මෙය අනෙක් ඩිස්ක් වලට වඩා හැම අතින්ම හොඳ මාදිලියකි.මෙහි 50 GB තරම් තොරතුරු ප්‍රමානයක් රැඳවීමට හැක.





Comments

  1. නියමයි අලුත් පරණ දේ එකට එකතු කරලා ලියලා තියනවා....

    ReplyDelete
  2. බොහොම ස්තුතියි

    ReplyDelete
  3. හැමදාම අපි භාවිතා කරත් මෙවගෙ වෙනස් කම් දැනගෙන හිටියෙ නැහැ නෙ...

    ReplyDelete

Post a Comment