USB පවුලේ අලුත් සාමාජිකයා USB 3.0


USB පරම්පරාවේ අලුත්ම සාමාජිකයා USB 3.0 ය. 1996 ජනවාරි මාසයේ යුඑස්බී 1.0 සොකට්ටුව හඳුන්වා දුන්නේ යූඑස්බී ප්‍රමිතිය සාදන ආයතනය වන යූඑස්බී - අයීඑෆ් විසිනි. මේ කණ්ඩායම සැදී තිබෙන්නේ පරිගනක හා ඉලෙක්ට්‍රොනික උපාන්ග නිෂ්පාදන ක්ශේත්‍රයේ ලෝක මට්ටමේ ආයතනවලිනි. ඇපල් සමාගම , හෙව්ලට් පැකාඩ් සමාගම,නෙක් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගම මෙන්ම ඉන්ටෙල් සමාගම ද එහි සිටියි.


මෙසේ හඳුන්වා දුන් යුඑස්බී ඉන්ටෆේස් සොකට්ටුව හරහා තොරතුරු හුවමාරු වූයේ තත්පරයට මෙගා බයිට් 1.5 (1.5 Mbps) වේගයකිනි. මෙහි වේගය තවත් වැඩිකර යූඑස්බී 2.0 සොකට්ටුව නිර්මාණය කෙරිනි. එහිවේගය තත්පරයට මෙගාබයිට් 60 (60Mbps) කි. දැන් පරිගනක වල තිබෙන්නේ මෙම යූඑස්බී 2.0 ඉන්ටෆේස් සොකට්ටුවයි.


මෙම යූඑස්බී 3.0 සොකට්ටුවේ තොරතුරු හුවමාරු වේගය තත්පරයට ගිගාබයිට් 4.8 (Gbps) කි.

Comments

  1. මාර ස්පීඩ් එකක් නේ!! එල එල! තෑන්ක්ස්!

    ReplyDelete

Post a Comment