අපි ඉතින් බැලුවා ඇත්තටම මේක සම්මාන ලැබෙන්න තරම් හොඳ චිත්‍රපටයක් ද කියලා. ඔව්, ඇත්ත මේක සුපිරිම මූවි එකක්.
පහල තියෙන්නේ ට්‍රේලර් එක.
මේක කොරියන් මූවි එකක්. කතාව තියෙන්නේ දුප්පත් පවුලක් ධනවත් පවුලකට සම්භන්ද වෙලා යන කතන්දරයක්. කතාව නම් අමුතුම ජාතියේ එකක්. දැනට IMDB රේටින් 8ට වඩා අරන් තියෙන්නේ.
Bong Joon-ho තමා director කරල තියෙන්නේ මේක. කියන විදියට නම් කොරියා වල ඉන්න හොඳම ඩිරෙක්ටර් කෙනෙක්.
මේ මූවි එකේ ලොකේශන් ගොඩක් නැහැ. පොඩි ලොකේශන් ටිකකින් ලොකු කතාවක් කරල තියෙනවා. පොඩ්ඩක් වත් කතාව බෝරින් නැහැ. මුවී ඩිරෙක්ටර්ස් ලට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න තියෙනවා කියල තමා ගොඩක් අය කියන්නේ.
මේක 2019 ආපු සුපිරිම මූවි එකක්, කොහොමහරි හොයගෙන ඔයාලත් බලන්න.
Comments
Post a Comment